1දාවිත් රජුගේ දවස, තුන් අවුරුද්දක් මුළුල්ලේ ම සාගතයක් ඇති විය. ඒ ගැන දාවිත් සමිඳාණන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ පිළිතුරු දෙමින්, “සාගතයට හේතුව, සාවුල් සහ ඔහුගේ පවුලේ අය මිනීමරුවන් නිසාත්, සාවුල් ගිබියොන්වරුන් මැරූ නිසාත් ය”යි වදාළ සේක.
2
3දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.
4ගිබියොන්වරු පිළිතුරු දෙමින්, “සාවුල්ට සහ ඔහුගේ පවුලට විරුද්ධ ව ඇති අපේ ආරාවුල් රන් රිදීවලින් බේරිය නොහැකි ය; තවද, ඉශ්රායෙල්හි කිසිවකු මැරීමට අපට වුවමනාවක් නැතැ”යි කී හ. ඔහු ද, “ඔබ කියන දෙයක් මම ඔබට කර දෙමි”යි කී ය.
5ඔව්හු රජුට කතා කොට, “ඉශ්රායෙල්හි කිසි ම තැනක අපට ජීවත් වන්නට නොහැකි වන ලෙස සාවුල් අප නැතිනාස්ති කරන්නට සෙව්වේ ය.
6ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.
7
8
9ගිබියොන්වරුන් අතට පාවා දුන්නේ ය. ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කන්දේ ඔවුන් එල්ලා දැමුවෝ ය. මෙසේ ඒ සත්දෙනා එක විට ම වැනසුණෝ ය. ඔවුන් මරනු ලැබුවේ යව කපන්නට පටන්ගන්න කාලයේ මුල් ම දවස්වල දී ය.
10එවිට අයාගේ දුව වූ රිශ්පා ගෝණි රෙදි අරගෙන ගොස් පර්වතය පිට අතුරා ඉඳගෙන, ගොයම් කපන කාලය පටන්ගැන්මේ සිට අහසින් වැසි වසින තෙක් දවල් ආකාශයේ පක්ෂීන්ට වත්, රෑ වනයේ මෘගයන්ට වත් ඒ මළකඳන් ළඟට පැමිණෙන්නට ඉඩ නොදී සිටියා ය.
11අයාගේ දුව වූ, සාවුල්ගේ උපභාර්යාව වූ රිශ්පා කළ දෙය දාවිත්ට දන්වන ලද්දේ ය.
12
13දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.
14සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.
15ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව පිලිස්තිවරු යළිත් යුද්ධයක් කළහ. දාවිත් තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධ ව සටන් කෙළේ ය. දාවිත් විඩාවට පත් විය.
16එවිට රෙපායිම් නම් යෝධයන්ගෙන් පැවත ආ කෙනෙකු වන ඉෂ්බි-බෙනොබ්, දාවිත් මරන්නට සිතා ගත්තේ ය. ඔහුගේ ලෝකඩ හෙල්ලයේ බර කිලෝග්‍රෑම් තුනහමාරක් ය. ඔහු අලුත් කඩුවක් ද ඉණේ බැඳගෙන සිටියේ ය.
17
18ඉන්පසු නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය. එවිට හුෂාතිය සිබ්බෙකයි, යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සප් මැරුවේ ය.
19නැවතත් පිලිස්තිවරුන් සමඟ ගෝබ්හි යුද්ධයක් විය; බෙත්ලෙහෙමීය ජාරේ-ඔරෙගීම්ගේ පුත්‍ර වූ එල්හානාන් ගිත්තීය ගොලියත්ගේ සහෝදරයා මැරුවේ ය. ඔහුගේ හෙල්ලයේ මිට වියන යන්ත්‍රයක දණ්ඩක් හා සමාන ය.
20නැවතත් ගාත්හි යුද්ධයක් විය; එහි බොහෝ උස මහත මනුෂ්‍යයෙක් සිටියේ ය. ඔහුගේ අත්වලත්, පාවලත් හය හය බැගින් ඇඟිලි විසිසතරක් තිබිණි. ඔහුත් යෝධයාට දාව උපන් කෙනෙකි.
21ඔහු ඉශ්රායෙල්වරුන්ට අභියෝග කළ කල, දාවිත්ගේ සහෝදරයා වන ෂිමෙයිගේ පුත්‍ර වූ ජොනතන් ඔහු මැරී ය.
22ඒ සතරදෙනා ගාත්හි දී යෝධයාට දාව උපන්නෝ ය. ඔව්හු දාවිත් අතින් ද ඔහුගේ සේවකයන් අතින් ද මැරුම්කෑවෝ ය.