1දාවිත්ගේ අවසාන වචන මෙසේ ය.
2
3
4
5
6
7
8දාවිත් රජුට සිටි වීරයන්ගේ නාම මේවා ය: අධිපතීන්ට ප්‍රධාන වූ තාකෙමොනිය ජොෂෙබ්-බෂ්ෂෙබෙත් ය; අධිපතීන් තුන්දෙනාගේ ප්‍රධානියා වූ ඔහු එක් වතාවක දී අටසියදෙනෙකුට විරුද්ධ ව තමාගේ හෙල්ලය ලෙළවා ඔවුන් මැරුවේ ය.
9ඊළඟට අහෝහිය දෝදෝගේ පුත් එලෙයාසර් ය; ඔහු පිලිස්තිවරුන් යුද්ධයට රැස් ව සිටිය දී, ඉශ්රායෙල් සෙනඟ පසු බැස ගිය විට, ඒ ස්ථානයෙහි දාවිත් රජු සමඟ සිට ඔවුන්ට අභියෝග කළ බලවන්තයන් තුන්දෙනාගෙන් දෙවැන්නා ය.
10ඔහු නැඟිට තමාගේ අත හිරි වැටී, අත කඩුවට ඇළෙන තුරු පිලිස්තිවරුන්ට පහර දුන්නේ ය. සමිඳාණන් වහන්සේ එදා ඉමහත් ජයක් සලසා දුන් සේක. සෙනඟ ද කොල්ලය ගන්නට පමණක් ඔහු පස්සේ ගියහ.
11ඊළඟට, හාරාරීය අගීගේ පුත් ෂම්මා ය. පිලිස්තිවරු කොල්ලු පිරී තිබුණු ලෙහි නම් බිම් කොටසක එක්රැස් ව සිටියෝ ය; සෙනඟ ද පිලිස්තිවරුන් ඉදිරියෙන් පලා ගියහ.
12එහෙත්, ඔහු බිම් කොටස මැද සිට එය බේරාගෙන පිලිස්තිවරුන් මැරුවේ ය. සමිඳාණන් වහන්සේ ඉමහත් ජයක් සලසා දුන් සේක.
13ප්‍රධාන තිස්දෙනාගෙන් තුන්දෙනෙක් ගොයම් කපන කාලයේ දී දාවිත් සිටි අදුල්ලම් ගුහාවට ගියහ. පිලිස්තිවරුන්ගේ හමුදාව රෙපායිම් මිටියාවතෙහි කඳවුරු බැඳගෙන සිටියහ.
14දාවිත් එවකට බලකොටුවෙහි සිටියේ ය. පිලිස්තිවරුන්ගේ හමුදාව එවකට බෙත්ලෙහෙම්හි සිටියහ.
15දාවිත්, තද පිපාසාවක් ඇති ව, “අනේ, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳේ වතුර ටිකක් කවුරුත් ගෙනවුත් මට බොන්නට දෙන්නේ නම් යහපතැ”යි කීවේ ය.
16එවිට ඒ වීරයන් තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුර මැදින් කඩා බිඳගෙන ගොස්, බෙත්ලෙහෙම් දොරටුව ළඟ තිබෙන ළිඳෙන් වතුර ඇද දාවිත් වෙත ගෙනාහ. එහෙත්, ඔහු එය නොබී, සමිඳාණන් වහන්සේට පානීය පූජාවක් ඔප්පු කොට,
17“සමිඳාණන් වහන්ස, මෙය බීමෙන් මා වැළැක්වුව මැනව. මේ වනාහි, සිය දිවි නොතකා ඉදිරියට ගිය මිනිසුන්ගේ ලේ ය”යි කී ය. ඒ නිසා ඔහු ඒ වතුර නොබීවේ ය. ඒ වීරයන්ගේ බලවත් ක්‍රියා එසේ ය.
18ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ සහෝදර වූ අබිෂයි තුන්දෙනාගේ ප්‍රධානියා විය. ඔහු සිය හෙල්ලය තුන්සියදෙනෙකුට විරුද්ධ ව ලෙළවා ඔවුන් මරා තුන්දෙනා අතරේ නම ගිය කෙනෙක් විය.
19තුන්දෙනා අතරෙන් ඔහු ඉතා කීර්තිමත් තැනැත්තා වෙමින්, ඔවුන්ගේ ප්‍රධානියා විය. එසේ වුවත්, ඔහු පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො වී ය.
20බොහෝ වීර ක්‍රියා කළ, කබ්ශෙයෙල් ජාතිකයෙකු වූ ජෙහෝයාදාගේ පුත් බෙනායා මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනා මැරුවේ ය. හිම වැටෙන දවසක දී ඔහු ගොස් වළක් ඇතුළෙහි වූ සිංහයෙකු මැරුවේ ය.
21ඔහු එඩිතර පෙනුමක් ඇති මිසර ජාතිකයෙකු මැරුවේ ය. ඒ මිසර ජාතිකයාගේ අතේ හෙල්ලයක් තිබිණි; එහෙත්, ඔහු පොල්ලක් ඇතුව මිසර ජාතිකයා ළඟට ගොස් ඔහුගේ අතින් හෙල්ලය උදුරාගෙන ඔහුගේ ම හෙල්ලයෙන් ඔහු මරා දැමී ය.
22ජෙහෝයාදාගේ පුත් බෙනායා මේ දේවල් කොට වීරයන් තුන්දෙනා අතර කීර්තියක් ලැබී ය.
23ඔහු සෙසු තිස්දෙනාට වඩා කීර්තිමත් කෙනෙක් විය; එහෙත්, පළමු වන තිදෙනා තරම් කීර්තිමත් නො වී ය. දාවිත් රජ ඔහු තමාගේ මුර හේවායන්ගේ අධිපතියා කෙළේ ය.
24ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් තිස්දෙනාගෙන් එක් කෙනෙක් ය. තවත් අයගේ නම් මෙසේ ය: බෙත්ලෙහෙම්හි දෝදෝගේ පුත් එල්හානාන් ය;
25හරොදිය ෂම්මා ය;
26හරොදිය එලිකා ය; පල්තිය හෙලෙශ් ය; තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය;
27අනාතෝතිය අබියෙශෙර් ය; හුෂාතිය මෙබුන්නයි ය;
28අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය;
29නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;
30පීරාතෝනිය බෙනායා ය; ගායෂ්හි මිටියාවතේ හිද්දයි ය;
31අර්බාතිය අබි-යල්බොන් ය; බර්හුමිය අශ්මාවෙත් ය;
32ෂාල්බොනිය එලියාබා ය; ජාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන් ය;
33හරාරීය ෂම්මා ය; අරාරිය ෂරාර්ගේ පුත් අහියාම් ය;
34මයකාතිය ජාතිකයාගේ පුත් වන අහස්බයිගේ පුත් එලිපෙලෙත් ය; ගිලොනිය අහිතොපෙල්ගේ පුත් එලියාම් ය;
35කර්මෙලිය හශේරයි ය; අර්බිය පයරයි ය;
36ශෝබාහි නාතාන්ගේ පුත් ඉගාල් ය; ගාදිය බානි ය;
37අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙයේරොතිය නහරයි ය;
38ඉත්රීය ඊරා ය; ඉත්රීය ගාරෙබ් ය;
39හිත්තීය උරියා ය; ඒ සියල්ලෝ තිස්හත්දෙනෙකි.